Home » න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමෙන් රුසියාව ඉවත් වෙයි

න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුමෙන් රුසියාව ඉවත් වෙයි

by chanaka
November 3, 2023 9:13 am 0 comment

න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම සඳහා පළ කළ අනුමැතිය අවලංගු කිරීමේ නියෝගයකට රුසියාව අත්සන් තබයි. එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඊයේ (02) එම නියෝගයට අත්සන් තැබූ බව නිල ලේඛනයක දැක්වේ.

රුසියාව ගිවිසුමෙන් ඉවත් වුව ද න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරන බවක් ඉන් අදහස් නොවන බව ක්‍රෙම්ලිනය මීට පෙර ප්‍රකාශ කර තිබිණ.

එරට Duma සභාවේ සභාපති Vyacheslav Volodin මහතා පැවසුවේ, වොෂින්ටනය ගිවිසුම අනුමත කරන තෙක් වසර 23 ක් තිස්සේ බලා සිටි නමුත්, ගෝලීය ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව සිය වගකීම් විරහිතභාවය පෙන්නුම් කර ඇති බවයි.

න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ ගිවිසුම, සාමකාමී හෝ මිලිටරි අරමුණු සඳහා සිදුකරන සියලුම න්‍යෂ්ටික පිපිරුම් පරීක්ෂණ තහනම් කිරීම පිළිබඳ බහුපාර්ශ්වික එකඟතාවකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT