Saturday, May 10, 2025
Home » මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක්

by chanaka
November 3, 2023 9:16 am 0 comment

6 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන 5 වැනිදා සිට 10 වැනිදා දක්වා චීනයේ ශැංහයි නගරයේ දී පැවැත්වේ. මේ වනවිට ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතු අවසන් ව ඇත.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා Fortune 500 ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් 289 ක් එක්වීම විශේෂත්වයකි. වෘත්තීයමය සහභාගි වන්නන් ලක්ෂ 4 කට අධික පිරිසක් මේ සඳහා ලියාපදිංචි වී තිබේ.

“එක් තීරයක් එක් මාවතක්” තේමාවට මෙවර ප්‍රදර්ශනයේ වැඩි අවධානයක් යොමුවනු ඇත. එම වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් 64 ක් ඊට සහභාගි වන අතර, ව්‍යවසාය ප්‍රදර්ශනයට සමාගම් 1,500කට වැඩි සංඛ්‍යාවක් එක්වනු ඇත. මෙවර ප්‍රදර්ශනය වර්ග මීටර් 80,000 ක පමණ භුමි භාගයක පැවැත්වේ. එය පසුගිය වසරට සාපේක්ෂව 30% ක පමණ වැඩිවීමකි.

මෙවර ප්‍රදර්ශනයට සමගාමී ව, හොංචියාවෝ ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වේ. ප්‍රධාන සංසදය හැර, සෙසු ශාඛා සංසද 22 ක් ද ඊට ඇතුළත් ය. 8,000 කට අධික පිරිසක් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT