Saturday, May 10, 2025
Home » පාසල් ළමුන්ට මත් පෙති අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

පාසල් ළමුන්ට මත් පෙති අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

by yasara
November 3, 2023 10:05 am 0 comment

පාසල් ළමුන් ඉලක්ක කරගෙන අලෙවි කළ මත්පෙති 5500ක් සමග එක් සැකකරුවකු මන්නාරම පොලීසිය විසින්  ඊයේ (2) දා අත් අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30 ක් වූ මෙම සැකකරු පුත්තලමේ සිට මන්නාරමට පැමිණ කාලයක් තිස්සේම මෙම මත්පෙති අලෙවි කළ බවට මන්නාරම පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මෙ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිට ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත් අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරම තාවුල්පාඩු සිට තාරාපුරම් ප්‍රදේශය දක්වා මත්පෙති ප්‍රවාහනය කරමින් සිටියදීය.

සැකකරු මන්නාරම අධිකණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT