මාළඹේ අරංගල ඉන්ධන පිරවුම් හල අසල අතුරු මාර්ගයක වැටී අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් (03) දා උදෑසන සොයාගත් බව මාළඹේ පොලීසිය පවසයි .
මෙසේ මියගොස් සිටි පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට කිසිදු තොරතුරක් ඔහු සන්තකයේ නොතිබූ අතර වයස (50) පමණ වනු ඇති බවට පොලිලිසිය සැක කරයි.
මාලබේ අරංගල ඉන්ධන පිරවුම් හල අසල අතුරු මාර්ගයක මහමග වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට 119 හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී තිබූ අතර ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී ඊට පෙර දින (02) දා රාත්‍රි සිට එම ස්ථානයේ වැටී සිටි බවට තොරතුරු අනාවරණය වී තිබුණි.
ඒ අනුව සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා වැටී සිටි පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු මිය ගොස් ඇති බව අනාවරණය වීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය දැනුවත් කරන ලදී.
ඒ අනුව ස්ථානීය පරීක්ෂණය සඳහා තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය එම ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කොට මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම සඳහා මියගිය පුද්ගලයාගේ භාරකරුවන් කඩිනමින් හදුනා ගන්නා ලෙසත් එතෙක් දේහය හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන ගොස් එහි සුරක්ෂිතව තබනා ලෙසත් පොලීසියට නියෝග කළාය.
ඒ අනුව මෘතදේහය හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ රයේ තැන්පත් කිරීමට පියවර ගත් අතර මියගිය පුද්ගලයා පිළිබඳව තොරතුරක් වෙතොත් 0112 – 877102 අංකයට අමතා මාලඹේ පොලිසියට තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.
සිද්ධිය සම්බන්ධයෙන් මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක රත්න වර්ධන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.