Saturday, May 10, 2025
Home » මහනුවර-මහියංගණය මාර්ගයට මාර ගසක් කඩා වැටී අයෙක් මරුට

මහනුවර-මහියංගණය මාර්ගයට මාර ගසක් කඩා වැටී අයෙක් මරුට

by mahesh
November 3, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ, ඡායා­රූප- කුණ්ඩ­සාලේ සමූහ- සුනිල් ගුණ­ව­ර්ධන

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්නයේ තිබූ විශාල මාර ගසක් ඊයේ (02) පස්වරු 4.00ට පමණ කඩා වැටීමෙන් වාහන තුනකට හා පෙට්ටි කඩයකට අලාභහානි සිදුව පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මිය ගොස් ඇත. තුවාල ලත් තිදෙනා පෙට්ටි කඩයේ සිටි අය බව ප්‍රදේශවාසීහූ පවසති. තුවාල ලත් පිරිස අතර කාන්තාවක ද සිටින අතර ගස කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියකට ද හානි සිදු වී ඇත.

තුවාලකරුවන්ට විදුලි සැර වදින්න ඇති බවට ද සැක කරයි. අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය වෑන් රථයකට දැඩි හානි සිදු වී තිබේ. එහි අඹුසැමි යුවළක් හා ඔවුන්ගේ වයස අවුරුදු තුනක් වන දරුවා ගමන් ගෙන තිබෙන අතර ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නැත. මේ අනතුරින් වෑන් රථයකට, ත්‍රිරෝද රථයකට හා යතුරු පැදියකට හානි සිදුව තිබෙන බව පොලීසිය පවසයි. වැසි සමඟ ඇති වූ තද සුළඟ සමඟ කඩා වැටී තිබෙන කොට්ට ගස වට අඩි 15ක් පමණ වන මහ ගසක් බව ප්‍රදේශවාසිහූ පැවසූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT