Saturday, May 10, 2025
Home » චීනකුගෙන් සිගරට් පැක­ැට්ටුවක් කොල්ලකෑ වනාතවිල්ලුව පොලිසියේ සැරයන්ට-පීසීට අවු. 2ක සිරදඬුවම්

චීනකුගෙන් සිගරට් පැක­ැට්ටුවක් කොල්ලකෑ වනාතවිල්ලුව පොලිසියේ සැරයන්ට-පීසීට අවු. 2ක සිරදඬුවම්

by mahesh
November 3, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක

රාත්‍රී මුර සංචාරයක නිරතව සිටියදී චීන ජාතිකයකු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් දුම්වැටි පැකට්ටුව සමඟ රුපියල් 2000ක මුදලක් කොල්ලකෑ බවට වරදකරුවන් වූ කොල්ලුපිටිය පොලිසියේ සේවය කළ සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (02) බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් සිරදඬුවම් නියම කළේය. 2016 වසරේදී මුර සංචාරයක නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු තමන් සන්තකයේ තිබූ දුම්වැටි පැකට්ටුව සමඟ මුදල් කොල්ලකෑ බවට චීන ජාතිකයකු සිදු කළ පැමිණිල්ලකට වරදකරුවන් වූ සැකකරුවන් දෙදෙනාට එක් චෝදනාවකට වසරක් බැගින් වසර දෙකක බරපතළ සිරදඬුවම් මෙලෙස නියම විය.

දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ නඩුවකට ඔවුන් වරදකරුවන් කරමින් මෙලෙස සිරදඬුවම් නියම කරනු ලැබුවේ වනාතවිල්ලුව පොලිසියේ සේවය කළ ලාෆීර් නමැති සැරයන්වරයකුට සහ දුමින්ද නමැති පොලිස් කොස්තාපල්වරයකුටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT