262
පොලොන්නරුව වැලිකන්ද සූරියවැව ගම්මානයේ කෙළවරක හක්කපටස් කා තුවාල ලබා මඩවගුරක වැටී සිටින ඇතින්නියක් අසල උගේ පැටියකු සැරිසරන අයුරු දින කිහිපයක සිට අපට දැකගත හැකි විය.
වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක කේ.ඩී. ජනක මහතා සඳහන් කළේ කිසියම් පිරිසක් ආහාරයට ලබා දුන් හක්කපටස් කෑමෙන් එම ඇතින්නගේ මුඛය දැඩි ලෙස තුවාල ලබා ගමන් කිරීමට නොහැකිව මඩවගුරක වැටී සිටින බවයි.