Home » විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති ගැන විමර්ශනයක් කරන්න
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති

විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක ව්‍යාපෘති ගැන විමර්ශනයක් කරන්න

by mahesh
November 3, 2023 12:59 am 0 comment

බුද්ධිකා ඉඹුලාන

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති විදේශ අරමුදල් මත ක්‍රියාත්මක සියලු ව්‍යාපෘතිවල මුදල් පරිහරණය හා ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතාට උපදෙස් ලබාදී ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘති හතරක් වන අතර, වැවිලි කර්මාන්ත විෂය යටතේ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මකව පවතී. විශේෂයෙන් මෙම ව්‍යාපෘති සඳහා විදේශ අරමුදල් ලබා දී ඇත්තේ ණය ආධාර වශයෙන් වන අතර, එම මුදල් නැවත අදාළ විදේශ නියෝජිතායතන වෙත ගෙවිය යුතුව ඇත. නමුත් මෙම ව්‍යාපෘති මඟින් මුදල් වියදම් කිරීමේදී හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අඩුපාඩු රැසක් පවතින බව අමරවීර මහතා පෙන්වා දෙයි. ගොවි ජනතාවට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලබා දිය යුතු එම මුදල් නිකරුණේ වියදම් කිරීම මඟින් විශාල මුදලක් අපතේ ගොස් ඇති බවට තමාට වාර්තා වී ඇතැයි ද ඇමැතිවරයා කියයි.

එමෙන්ම මෙම ව්‍යාපෘති භාර නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝපා සහ කෝප් කමිටු ඉදිරියට කැඳවා කරුණු විමසිය යුතු බව ද අමරවීර මහතා අවධාරණය කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT