Sunday, May 11, 2025
Home » ඇප ලබා පැමිණ යළිත් කුඩු ජාවාරමේ 28 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

ඇප ලබා පැමිණ යළිත් කුඩු ජාවාරමේ 28 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

by mahesh
November 3, 2023 1:00 am 0 comment

මල්වාන සමුහ මහානාම විතානගේ හා දෙල්ගොඩ සමුහ සුදත් පුබුදු කීර්ති

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිට ඇප ලබා පැමිණ යළි මත්කුඩු ජාවාරමේ‍ යෙදුණු පුද්ගලයකු යතුරු පැදියත් සමඟ සපුගස්කන්ද පොලිසිය මගින් පෙරේදා ( 01 වැනිදා) අත් අඩංගුවට ගැනිණි.

මොහු ළග තිබි හෙරොයින් ගැමිස් 05 යි මිලි ගැමිස් 150 ක් සමඟ ජාවාරමෙන් උපයා ගත් රුපියල් අටදහස් නවසීයක මුදලක් ද පොලිස් භාරයට ගැනිණි.

එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩී.පී.එස් එල්. මුතුකුමාරණ මහතාට මොහු කොළඹ, තොටලග ප්‍රදේශයෙන් මත්කුඩු මිලදී ගෙන පැමිණෙමින් සිටින බවට ලද තොරතුරක් මත සපුගස්කන්ද වී මෝල හන්දියේ රැකවල් ලා ඉඳ මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

මොහු විසින් මාකොළ, සියඹලාපේ හා බියගම ප්‍රදේශවල මත්කුඩු අලෙවි කිරීම සිදු කොට ඇති අතර ඔහු දිනකට මත්කුඩු අලෙවි කිරීමෙන් රුපියල් අසූදහසක පමණ මුදලක් උපයන බවද කියති.

මොහු සපුගස්කන්ද පුදේශයේ පදිංචිකරුවකු වුවත් ඔහු බියගම ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටිමින් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවද කියැවේ.

අත්අඩංගුවට ගන්නා ලද මොහු විසි අටවන වියේ පසුවන්නෙකි.

සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වැටලීමට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඔසිත ලංකා ද සිල්වා මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩී. පී. එස්. එල්. මුතුකුමාරණ, පොලිස් සැරයන් පෙරේරා ( 32560 ) , පුෂ්පකුමාර ( 55713 ) , පොලිස් කොස්තාපල් සංකල්ප ( 101260 ) හා සංජීව ( 99261 ) යන නිලධාරීහු එක් ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT