Saturday, May 10, 2025
Home » මූල්‍ය සමාගම දුන් ලක්ෂ හතර අරන් මාරු
උකස් කළ රන් භාණ්ඩ බේරගන්න

මූල්‍ය සමාගම දුන් ලක්ෂ හතර අරන් මාරු

by mahesh
November 3, 2023 1:00 am 0 comment

කටුගස්තොට සමූහ-එස්.ජී.විජේරත්න

රන් භාණ්ඩ උකසට ගන්නා ආයතනයකට උකස් කළ රන් භාණ්ඩ සින්න වීමට යන බව පවසා ඒවා බේරා ගැණීම ට මහයියාව ප්‍රදේශයේ පිහිටි මූල්‍ය සමාගමකට ගිය පුද්ගලයෙක් එම මූල්‍ය සමාගමෙන් රුපියල් හාර ලක්ෂ පනස් හත් දහසක මුදලක් රැගෙන පලා ගොස් ඇති අතර එම පුද්ගලයා අත්අඩංගුවට ගැණීමට කටුගස්තොට පොලිසිය පරික්ෂණ පවත්වයි.

පෙරේදා (01)දින පෙරවරුවේ අදාළ මූල්‍ය සමාගම වෙත පැමිණ ඇති මේ පුද්ගලයා එහි කළමනාකාරවරයාට පවසා ඇත්තේ තමන් විසින් රන්භාණ්ඩ උකසට ගන්නා ආයතනයකට උකස්කර තිබෙන රන් භාණ්ඩ ටික සින්න වීමට යන නිසා ඒවා බේරා දෙන ලෙසය.

එයට කැමත්ත පළකර ඇති කළමනාකාරවරයා විසින් උකස බේරා ගැණීම පිණිස ඇවැසි ගිවිසුම අත්සන් කර අවසානයේ රුපියල් හාරලක්ෂ පනස් හත් දහසක මුදලක් එම පුද්ගලයා හට ලබා දී ආයතනයේ සේවකයකු ද සමඟ රන්භාණ්ඩ උකස්කර තිබුණු ආයතනය වෙත පිටත් කර ඇත.

එසේ පිටත් ව ගිය මේ පුද්ගලයා ආයතනයෙන් ගිය සේවකයා රන්භාණඩ උකස්කර තිබෙන ආයතනයේ ඉදිරිපස දොර අසල නවතා ආයතනය ඇතුළට ගොස් ඇති අතර පසුව ඔහු එම මුදල ද රැගෙන පලා ගොස් තිබේ.

ආදළ මූල්‍ය සමාගම විසින් මේ සම්බන්ධව කටුගස්තොට පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි කර ඇති අතර කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සී.ආර්.රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප.ජයසිංහ,පො.ප.වීරකෝන් ඇතුළු පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගැණිමට විමර්ශන සිදුකරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT