Sunday, May 11, 2025
Home » තබ්ලා වාදන ශිල්පී නිශාන්ත සිරිවර්ධන මියයයි

තබ්ලා වාදන ශිල්පී නිශාන්ත සිරිවර්ධන මියයයි

by mahesh
November 3, 2023 1:00 am 0 comment

කොට්ටාව ප්‍රදීප් කුමාර

සුප්‍රසිද්ධ තබ්ලා වාදන ශිල්පීයකු වන නිශාන්ත සිරිවර්ධන මහතා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (02) දා සවස මියගිය බව ඔහුගේ පුත් කුෂාන් සිරිවර්ධන මහතා පවසයි .

එක් දරු පියෙකු වූ ඔහු මිය යන විට 49 වන වියේ පසුවිය. ඩයනමයිට් සංගීත කණ්ඩායමේ තබ්ලා වාදන ශිල්පියකු ලෙස ක්ෂේත්‍රයට පැමිණ සමන් ඇන්ඩ් ද ක්ලෑන් , මේරියන්ස් , මහේෂ් ඇන්ඩ් ෆ්‍රෙන්ඩ් ඇතුළු දිවයිනේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම්වල තබ්ලා වාදන ශිල්පියකු ලෙස සේවයේ නිරත ඔහු අවසාන වශයෙන් මනෝජ් පීරිස් මහතාගේ සංගීත කණ්ඩායමේ තබ්ලා වාදන ශිල්පියා ලෙස කටයුතු කළේය.

මීට අමතරව මියගිය නිශාන්ත සිරිවර්ධන මහතා දෝස්ති සහ ශනිස නමින් සංගීත කණ්ඩායම් දෙකක නායකයා ලෙසද කටයුතු කර තිබේ. තබ්ලා වාදන ශිල්පියෙකු ලෙස වසර 35 පුරා සිදුකළ සේවය අගයා හොඳම තබ්ලා වාදන ශිල්පියා ලෙස ජපාන රජයෙන් පිරිනැමූ සම්මානයෙන් ද පිදුම් ලැබීය.

දැනට ඒ මහතාගේ දේහය හෝමාගම පිටිපන පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන (04) දා සවස 03 සිදුකිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT