Monday, May 5, 2025
Home » 17න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව බණ්ඩාරවෙල සාන්ත තෝමසයට

17න් පහළ තෙවැනි කොටසේ ක්‍රිකට් ශූරතාව බණ්ඩාරවෙල සාන්ත තෝමසයට

by mahesh
November 3, 2023 12:58 am 0 comment

ඉෂානි යද්දෙහි

අවුරුදු 17න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට බණ්ඩාරවෙල සාන්ත තෝමස් විදුහල (ඌව පළාත) පසුගියදා සමත් විය.

කණ්ඩායම් 350කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මේ තරගාවලියේ අවසන් තරගය කඳාන දි මැසිනෝද් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවති අතර, එහිදී හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල ලකුණු 60කින් පරදවමින් ප්‍රවිෂ්ක නදීන්ගේ නායකත්වයෙන් යුත් සාන්ත තෝමස් පිල ශූරතාවට හිමිකම් කීය.

මේ තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් පිල ලකුණු 171ක් රැස් කළ අතර, එහිදී තම පිල වෙනුවෙන් වැඩි වගකීමක් කරට ගත් නායක ප්‍රවිශ්ක නදීන් පන්දු 70කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් රැස් කළේය. පන්දු යැවීමේදී තරුන් දමිත් සහ ශානුක දෙනුවන් කඩුලු 3ක් බැගින් බිඳ හෙළීමට සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී සුමංගල පිලට ඕවර 38.1කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 111ක් පමණි. පන්දුවෙන් දස්කම් දැක්වූ කල්හාර දිසානායක ලකුණු 21කට කඩුලු 4ක් දවාලූ අතර, නික්ෂ පෙරේරා ලකුණු 30කට කඩුලු 3ක් දවා ගත්තේය.

සා. තෝමස් – 171 (ඕවර 37.5) ප්‍රවිශ්ක නදීන් 61, ශිමල්ක කාංචන 46, ජයසීලන් ප්‍රිතික්ෂාන් 21 (තරුන් දම්සිත් 21/3, ශානුක දෙනුවන් 29/3, ලකිත් නේමිද 38/2)

ශ්‍රී සුමංගල – 111 (ඕවර 38.1 ) පමෝද් නිම්සර නොදැවී 23 (කල්හාර දිසානායක 21/4, නික්ෂ පෙරේරා 30/3)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT