සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමඟ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි සිවුදින ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 219ක් රැස් කිරීමට සමත් විය.
ඊයේ තරගය තෙවැනි දිනයට නතර කරන විට කඩුලු 3ක් අතැතිව සිටින ශ්‍රී ලංකා පිල බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 32ක් පසුපසින් සිටියේය. පවන් රත්නායක ලකුණු 44ක් සහ චාමික ගුණසේකර ලකුණු 8ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.
ඊයේ දිනය අරඹන විට නොදැවී සිටි අහන් වික්‍රමසිංහට තවත් එක් කර ගත හැකි වූයේ ලකුණු 4ක් පමණි. දිනයේ පළමු කඩුල්ල ලෙස ඔහු ලකුණු 39කට දැවී ගිය අතර, නායක සොනාල් දිනූෂ ලකුණු 25ක් රැස් කළේය. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි පවන් රත්නායක 6 වැනි කඩුල්ලට චමිඳු වික්‍රමසිංහ සමඟින් ලකුණු 55ක් සහ කල්හාර සේනාරත්න සමඟින් ලකුණු 43ක සබඳතා ගොඩනැඟුවේය. චමිඳු ලකුණු 24කටත් කල්හාර ලකුණු 23කටත් දැවී ගියහ. පන්දු යැවීමේදී මුස්ෆික් හසන්, රිපොන් මොන්ඩොල් සහ නහිඩ් රානා කඩුලු 2 බැගින් දවා ගත්හ.
අද තරගයේ අවසන් දිනයයි.
බංග්ලාදේශ නැඟී එන පිලේ පළමු ඉනිම – 251 (ඕවර 85.5) අක්බර් අලී 129, රකිබුල් හසන් 36, හසන් මුරාඩ් 27 (චාමික ගුණසේකර 58/9)
ශ්‍රී ලංකා නැඟී එන පිලේ පළමු ඉනිම – 219/7 (ඕවර 61) පවන් රත්නායක නොදැවී 44, අහන් වික්‍රමසිංහ 39, සොනාල් දිනූෂ 25, චමිඳු වික්‍රමසිංහ 24, කල්හාර සේනාරත්න 23, නවෝද් පරණවිතාන 22 (මුස්ෆික් හසන් 30/2, රිපොන් මොන්ඩොල් 56/2, නහිඩ් රානා 56/2)