Home » ලෝක කුසලාන ක්‍රිකට් ආවරණයට මාධ්‍යවේදීන් 2034ක දැවැන්ත පිරිසක්

ලෝක කුසලාන ක්‍රිකට් ආවරණයට මාධ්‍යවේදීන් 2034ක දැවැන්ත පිරිසක්

by mahesh
November 3, 2023 12:59 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ඉන්දියාවේ දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට ඉන්දියාව ඇතුළු රටවල් 10කින් ක්‍රීඩා මාධ්‍යවේදීන් 2034ක පමණ පිරිසක් එක්ව සිටිති. මෙයින් සත්කාරක ඉන්දියාවෙන් පමණක් ක්‍රීඩා මාධ්‍යවේදීන් 1462ක් පමණ එක්ව සිටින අතර, අනෙකුත් රටවලින් ක්‍රීඩා මාධ්‍යවේදීන් 572ක පමණ පිරිසක් ඉන්දියාවට පැමිණ සිටිති.

ක්‍රීඩාංගණ 10කදී මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග 48ක් පැවැත්වෙන අතර, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, නෙදර්ලන්තය, බංග්ලාදේශය, පාකිස්තානය හා එංගලන්තය යන රටවලින් ක්‍රීඩා මාධ්‍යවේදීහු එක්ව සිටිති. එහෙත් පවතින දේශපාලන අර්බුද හේතුවෙන් පාකිස්තානයෙන් හා ඇෆ්ගනිස්තානයෙන් ඉතාම සීමිත පිරිසක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට පැමිණ ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ ඒ ඒ ප්‍රාන්තවල සිටින සියලු ක්‍රීඩා මාධ්‍යවේදීන්ට මේ තරගාවලිය ආවරණය කිරීමේ සමාන අවස්ථා ලබාදී තිබීම ද විශේෂත්වයකි.

වසර 2011දී ඉන්දියාවේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආවරණය කිරීමට රටවල් 14කින් පැමිණි වාර්තාගත ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පසු වැඩිම පිරිසක් මෙවර තරගාවලිය ආවරණය කිරීමට එක්ව සිටීම විශේෂත්වයකි. ඊයේ මුම්බායි වන්කඩේ ක්‍රීඩා පිටියේ පැවති ශ්‍රී ලංකා – ඉන්දියා තරගයේ මාධ්‍ය ආවරණයට පමණක් ඉන්දීය මාධ්‍යවේදීන් 160ක් හා ශ්‍රී ලංකාව ඇතුළු විදෙස් මාධ්‍යවේදීන් 38ක් සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT