Saturday, May 10, 2025
Home » ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ තිදෙනෙක් සමඟ මුදල් හා භාණ්ඩ අත්අඩංගුවට

ක්‍රිකට් ඔට්ටු ඇල්ලූ තිදෙනෙක් සමඟ මුදල් හා භාණ්ඩ අත්අඩංගුවට

by mahesh
November 3, 2023 1:00 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සූදු ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය ප්‍රාදේශීය අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී ලක්ෂ දෙකක් වටිනා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ක්‍රිකට් ලෝක කුසලාන තරගවලට අදාළව ඔට්ටු ඇල්ලීම් වැඩිවෙමින් පවතිද්දී මුම්බායි භාජි බසාර් ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර් හා ඔහුගේ සගයන් සමඟ එක්ව ක්‍රිකට් තරගවලට ඔට්ටු අල්ලන බවට පොලිසියට රහසිගත තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව පොලිස් කණ්ඩායමක් විත්තිකරුගේ නිවස වටලා එම ස්ථානයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔට්ටු ඇල්ලීමට යොදාගත් ලැප්ටොප්, ටැබ්ලට්, ජංගම දුරකතන හා රවුටර් ඇතුළු උපකරණ තොගයක් ද ඉන්දීය රුපියල් 17,000ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT