ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධව සූදු ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරයක නිරතව සිටි සැකකරුවන් තිදෙනෙකු ඉන්දීය ප්‍රාදේශීය අපරාධ විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන ඇත.
මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සන්තකයේ තිබී ලක්ෂ දෙකක් වටිනා භාණ්ඩද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
ක්‍රිකට් ලෝක කුසලාන තරගවලට අදාළව ඔට්ටු ඇල්ලීම් වැඩිවෙමින් පවතිද්දී මුම්බායි භාජි බසාර් ප්‍රදේශයේ පදිංචි ලලිත් කුමාර් හා ඔහුගේ සගයන් සමඟ එක්ව ක්‍රිකට් තරගවලට ඔට්ටු අල්ලන බවට පොලිසියට රහසිගත තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව පොලිස් කණ්ඩායමක් විත්තිකරුගේ නිවස වටලා එම ස්ථානයේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔට්ටු ඇල්ලීමට යොදාගත් ලැප්ටොප්, ටැබ්ලට්, ජංගම දුරකතන හා රවුටර් ඇතුළු උපකරණ තොගයක් ද ඉන්දීය රුපියල් 17,000ක් ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.