සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිරියේදී භාෂා දහයකින් සීගිරිය ගැන දැනුවත් කිරීමට අවශ්‍යය පියවර ගන්නා බව විෂය භාර ඇමැති විදුර වික්‍රමනායක මහතා පෙරේදා (02) සීගිරියේදී පැවසීය.
සියලුම රාජ්‍ය ආයතන සහ අනෙකුත් පෞද්ගලික ආයතන එක්ව සංචාරක ආකර්ෂණය හා සංස්කෘතික වටිනාකමක් ඇති ස්ථාන සඳහා සංවර්ධන සැලැස්මක් සකස් කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
අපේ උරුමයයි අපේ කතාබහයිÓ මැයෙන් සීගිරිය ගැන දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් දෙදිනක් පුරා සීගිරියේදී පැවැත්විණි. මධ්‍යම සංස්කෘතික අරමුදෙල් අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යවේදීන් 35ක් වෙනුවෙන් මෙය සංවිධාන කර තිබිණි.
මධ්‍යම සංස්කෘතික අරමුදල සීමාසහිත ජනමාධ්‍යවේදීන්ගේ සමුපකාර සමිතිය සහ සමාජ ඇස මෙය සංවිධාන කර තිබිණි.
සීගිරිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට දිනයකට වඩා වැඩි කාලයක් සීගිරියේ නැරඹීම් සඳහා නව කැණීම් අධ්‍යයනය කිරීමේ හැකියාව පවතින බව මේ සංචාරයේදී අනාවරණය කිරීම් විශේෂත්වයකි.
දඹුල්ල බිතුසිතුසිතුවම් සංරක්ෂණ මධ්‍යස්ථානය, දඹුල්ල බිතුසිතුවම් කෞතුකාගාරය ,එමෙන්ම ඉබ්බන්කටුව ඉපැරැණි සුසාන භූමි සංකීර්ණය දැක බලා ගැනීමෙන් පසුව මාධ්‍ය කණ්ඩායම් පෙරේදා (02) අලුයම පහට සීගිරි පව්ව තරණය කර ඉර පායන දසුන් නැරඹීම විශේෂත්වයකි.
ඕනෑම අයෙකුට අලුයම සීගිරියට පැමිණ මෙම අපූරු දසුන් දැක ගැනීමට හැකි බවත් මේ වන විටත් විදේශීය සංචාරකයන් බොහෝ දෙනෙක් සීගිරි පව්වට අලුයම ඉර සේවය නැරඹීම සඳහා පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදෙල් අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා මේ ගමනට එක්වෙමින් පැවසීය.
සීගිරි පව්ව බඳේ පිහිටි ඉපැරැණි ආරක්ෂක කුටි නැරඹීම බොහෝ අයෙකු අතපසු කරන නිසා එම ස්ථාන නැරඹීමට ද අවශ්‍ය පහසුකම් සපයා දී තිබේ.
කැටපත් පවුර, සිංහපාදය, බිතුසිතුවම්, මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ක්‍රියාත්මක කරගෙන යන කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව සීගිරියේ අලුතෙන්ම සංචාරයට එක් කළ පහන්ගල සහ අලිගල නැරඹීමට ජනතාවට මේ වන විට අවශ්‍ය පරිසරය නිර්මාණය කර තිබේ.
පහන්ගල ස්මාරකය සීගිරිය පව්ව ආසන්නයේ පිහිටා තිබේ. එමෙන්ම ප්‍රාග් ඓතිහාසික වැදගත්කම් රැසක් අනාවරණය කර තිබෙන අලිගල නැමැති පුරාවිද්‍යා ස්මාරකය නැරඹීමට කිලෝමීටර් එකක පමණ දුරක් පාගමනින් මහ වනය මැද ගමන් කළ යුතුව තිබේ.
ඉතා සුන්දර අත්දැකීම් රැසක් ලබා ගැනීමට එම ගමන මඟින් හැකිවීම විශේෂත්වයකි. ගල් කැබලි, ගස් සහ ලණුවලින්, ලීවලින් අල්ලාගෙන කඳු නැඟ පල්ලම බැස මේ ස්ථානයට ළඟා විය යුතුව තිබේ.
අලිගල නමින් හඳුන්වන ස්ථානයේ කරන ලද කැණීම්වලදී ඉපැරණි ජනාවාසයක් එම ප්‍රදේශයේ පැවති බව හඳුනාගෙන තිබෙන බවත් එහි ජනතාව ජීවත් වූ ආකාරය පිළිබඳව සුවිශේෂී වූ කරුණු රැසක් අනාවරණය වී ඇතැයි ද මධ්‍යම සංස්කෘතික අරමුදලේ පුරාවිද්‍යා නිලධාරීහු පවසති.
විෂය භාර ඇමැති විදුර වික්‍රමනායක මහතා, මධ්‍යම සංස්කෘතික අරමුදෙල් නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන් එක්ව සීගිරි පව්ව අසල මාධ්‍ය හමුවක් පවත්වන්නට වුනෙමු.
මේ මාධ්‍ය හමුවේදී ඇමැති විදුර වික්‍රමනායක මහතා කියා සිටියේ සීගිරියට පැමිණෙන දෙස් විදෙස් ජනතාවගේ පහසුව සඳහා ඉදිරියේදී තාක්ෂණය උපයෝගී කරගෙන භාෂා 10 කින් සීගිරියේ ඇති වැදගත්කම පෙන්වා දෙන බවයි.
දිවයින පුරා පිහිටා ඇති පුරාවිද්‍යාත්මකව වැදගත් සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති ස්ථාන පිළිබඳව දීර්ඝ කාලීන සැලැස්මක් සකස් කොට තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංවර්ධනය ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් තිබේ දැයි මධ්‍යවේදීහු මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළහ.
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කෙසේ හෝ එය ඉටු කරන බවය. මධ්‍යම සංස්කෘතික අරමුදල ඉතා ශක්තිමත්ව තිබුණ ද පසුගිය කාලයේ එය සම්පූර්ණයෙන්ම බංකොලොත් කළ බවත් මුදල් නැතිවීම නිසා අරමුදලේ සේවකයන් දෙදහසක් පමණ ඉවත් කිරීමට සිදු වූ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සේවක කප්පාදුව හේතුවෙන් පුරාවස්තු විනාශ කිරීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් තිබුණු බව ද අමාත්‍යවරයා පැවසීය. තාක්ෂණය උපයෝගී කරගෙන සංචාරක ආකර්ෂණ ඇති ස්ථාන පුරාවස්තූන්වලට හානියක් නොවී පුරාවස්තූන්වලින් තොර විවිධ ස්ථාන පෞද්ගලික අංශයට ලබාදීමට රජයේ අවධානය යොමු වී තිබෙන බවත් ඒ අනුව හෝටල් හා සංචාරක නිකේතන හා අලෙවිසැල් ආදී නිර්මාණ පහසුකම් ලබාදීම සඳහා අවශ්‍ය පහසුකම් පෞද්ගලික අංශයට ලබා දෙන බවත් හෙතෙම සඳහන් කළේය.
මෙහිදී සාර්ක් කලාපීය පුරාවස්තු සුරැකීමේ මාධ්‍ය සංසදය හරහා යෝජනාවලියක් මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා විසින් ඇමැතිවරයාට පිළිගැන්වීය.