රටට වටිනා විදේශීය විනිමයක් ඉතිරි කරනු ලබන මෙරට ප්‍රමුඛතම දේශීය කිරි නිෂ්පාදන සන්නාමය වන පැල්වත්ත සමාගම පසුගියදා සිය විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරමින් International Business Icon Award 2023 (IBIA) සම්මානයෙන් පිදුම් ලැබීය.
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී Medicina Alternativa OIUCM (Alma Ata-1909) සාමාජිකයන් විසින් පැල්වත්ත සමාගම වෙත මෙම සම්මානය ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට පත් සෞඛ්‍ය වෘත්තිකයින්, වෛද්‍යවරුන් මෙන්ම මහාචාර්යවරුන් හා ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් සහභාගී වීය.
Medicina Alternativa යනු 1962 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිපත්ති හා අරමුණුවලට අනුකූලව පිහිටුවන ලද ජාත්‍යන්තර සංවිධානයක් වන අතර එහි ප්‍රධාන මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටා ඇත. වසර ගණනාවක ඉතිහාසයක් සහිත ආයතනයක් වශයෙන් ගෝලීය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නවකයන් හා ප්‍රවීණයන් ඇගැයීම හා ප්‍රවර්ධන කිරීම මෙම සංවිධානයේ අරමුණයි. එසේම Medicina Europe Association සහ Ecumenical Medical Humanitarian Knights of St John යන සංවිධාන ද්විත්වයේ එකඟත්වයෙන් පැල්වත්ත සමාගම මෙම සම්මානය දිනාගැනීම සුවිශේෂි කරුණකි.