Thursday, May 15, 2025
Home » හමාස් සංවි­ධා­නය ජර්ම­නියේ තහ­නම්

හමාස් සංවි­ධා­නය ජර්ම­නියේ තහ­නම්

by Gayan Abeykoon
November 4, 2023 1:15 am 0 comment

හමාස් සංවිධානයේ ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජර්මනිය නිවේදනය කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ඊශ්‍රායලයට සහාය පළ කරන ජර්මනිය මේ පියවර ගෙන ඇත්තේ ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පාමින් එරට යුදෙව් විරෝධී අදහස් පැතිර යෑම වැළැක්වීමේ අරමුණින් බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල හා යුදෙව් විරෝධී අදහස් පතුරුවමින් සිටි පලස්තීන හිතවාදී කණ්ඩායමක් විසුරුවා හැරීමට ද ජර්මානු රජය පසුගියදා නියෝග කර ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් ජර්මානු අභ්‍යන්තර කටයුතු ඇමැතිනි නැන්සි ෆයිසර් ප්‍රකාශ කර ඇත්තේ දැනටමත් රට තුළ සිටින හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලේබල්ගත කර ඇති බැවින් ඊට සම්බන්ධ හෝ සහාය පළ කරන සියලු ක්‍රියාකාරකම් තහනම් කරන බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT