212
චීනයට එරෙහිව සමාජ මාධ්‍යජාලා ඔස්සේ අදහස් පළ කළ හොංකොංහි 23 හැවිරිදි සරසවි සිසුවියකට එරට අධිකරණයකින් මාස දෙකක සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ ජපානයේ අධ්‍යාපනය ලැබූ මිකා යුවාන් නමැති එම සිසුවිය එම කාලය තුළ සමාජ මාධ්‍යජාලා ඔස්සේ චීන විරෝධී ප්‍රකාශ නිකුත් කර ඇති අතර, විදෙස් රටකදී එවැනි ක්‍රියාවක නිරතවීම දේශද්‍රෝහි ක්‍රියාවක් බවට නිගමනය කරමින් මේ තීන්දුව ලබා දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. එය චීනය යටතේ පාලනය වන හොංකොං දේශයට එරෙහිව කළ ප්‍රකාශයක් බව එරට මාධ්‍ය සඳහන් කළේය.