Tuesday, May 13, 2025
Home » රාත්‍රී කාලයේ වෙළෙඳ සල් බිඳ විදුලි උපාංග සොර­කම් කළ වරෙ­න්තු­කරු දැලේ

රාත්‍රී කාලයේ වෙළෙඳ සල් බිඳ විදුලි උපාංග සොර­කම් කළ වරෙ­න්තු­කරු දැලේ

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

ඇන්ටන් ප්‍රනාන්දු - පනාගොඩ

රාත්‍රී කාලයේ වෙළෙඳ සල් බිඳ පරිගණක, ලැප්ටොප්, ඇස්කන්නාඩි ඇතුළු විදුලි උපාංග සොරකම් කළ වරෙන්තු 12ක් සඳහා පොලිසියට අවශ්‍ය පුද්ගලයකු මාලබේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

මාලබේ පොලිසිය මඟින් අලුයම් කාලයේ සිදුකළ මුර සංචාරයකදී අරංගල ප්‍රදේශයේ සැකකටයුතු ලෙස ගමන් ගත් පුද්ගලයකු පරීක්ෂා කිරීමේදී උපැස් යුවළ කීපයක් ඔහු සන්තකයේ තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහූ ප්‍රදේශ රැසකදී සොරකම් කරණ ලද ලැප්ටොප් 10ක්‌ සොයාගෙන තිබෙන අතර තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ජීව අත් බෝම්බයයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරු සම්බධයෙන් සිදුකළ පොලිස් විමර්ශනවලදී සැකකරුට එරෙහිව විවිධ ප්‍රදේශවල සිදුකරන ලද සොරකම් හමුවේ අධිකරණය මග හැර සිටීම පිළිබඳව වරෙන්තු 12ක් නිකුත් කර ඇතැයි පවසන පොලිසිය නුගේගොඩ, ගම්පහ, කුරුණෑගල, මාලබේ, ගල්කිස්ස, කළුතර, බොරැල්ල, යන ප්‍රදේශවල මෙම සොරකම් සිදුකර ඇතැයි පවසයි.

පොලිස් විමර්ශනවලින් අනතුරුව කඩුවෙල මහස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරු අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගතකළ බව මාලබේ පොලිසිය කියයි.

මාලබේ පොලිස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂකවරුන්වන අමිත ජයමහ හා ප්‍රභාශ්වරම් යන නිලධාරින් සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT