Home » නිවෙස කඩා රන් බඩු පැහැර ගෙන ගිහින්

නිවෙස කඩා රන් බඩු පැහැර ගෙන ගිහින්

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

ගාල්ල දිසා සමූහ

දිනමිණ කරාපිටිය මාධ්‍යවේදිනී සිරංගිකා කරවිට හා නිදහස් මාධ්‍යවේදී සජීව විජේවීර දෙපොළගේ නි‍ෙවස හොරු බිඳ රුපියල් දෙලක්ෂයකට අධික රන්බඩු පැහැර ගෙන ගොස් ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.

පැමිණි සොරුන් මුළුතැන් ගෙයි දොර ඇර අලවංගුවක් ගෙන ජනේල් දොරවල් කඩා ගෙට ඇතුළු වී අල්මරි ද කඩා රන් බඩු ගෙන ගොස් ඇති බවත් නිවෙසට ද හානි සිදුකර ඇති බවත් පොලිසිය පවසයි.

මෙම සොරකම සිදුවන විට විජේවීර පවුලම අම්පාරේ ඥාති නිවෙසකට ගොස් ඇති බව ද අනාවරනය වී ඇත.

පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT