Home » පනා­ගො­ඩින් අතු­රු­දන්වූ T-56 සෙබ­ළාගේ නිවෙ­සින් සොයා­ගනී

පනා­ගො­ඩින් අතු­රු­දන්වූ T-56 සෙබ­ළාගේ නිවෙ­සින් සොයා­ගනී

හිමි­ක­රු­වකු නැති යතු­රු­පැ­දිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර­න්නැයි CID යට නියෝග

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

වේයන්ගොඩ විශේෂ

පනාගොඩ හමුදා කඳවුරෙන් අතුරුදන්වූ බව කියන ටී 56 ගිනි අවිය අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හමුදා සෙබළාගේ ‍ නිවෙසේ තිබී සොයාගෙන ඇති බවත් හිමිකරුවකු නොමැති යතුරුපැදිය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පසුගියදා (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට නියෝග කෙළේය.

පනාගොඩ හමුදා කඳවුරෙන් ටී 56 ගිනි අවියක් සොරාගෙන යෑම සම්බන්ධව අත්අඩංගුවට ගන්නා ලද සැකකාර හමුදා සෙබළෙකුගේ වේයන්ගොඩ ප්‍රදේශයේ නිවෙසක තිබී සොයාගෙන ඇති හිමිකරුවෙකු නොමැති යතුරුපැදියක් භාර ගන්නා ලෙසට අධිකරණයේ නඩු භාණ්ඩ භාර අංශයට නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්ෂණ ‍ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් ඒ.බී.කේ. රංජිත් (55420) මහතා කරන ලද ඉල්ලීමකදී මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව විමසා බැලීමේදී ප්‍රශ්නගත යතුරුපැදිය අධිකරණයට රැගෙන විත් නොමැති බවට අනාවරණය විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT