Tuesday, May 13, 2025
Home » මොරටු සර­ස­වියේ තාක්ෂණ ආය­ත­නයේ පර්යේ­ෂණ සමු­ළුව අද සිට ITUM හිදී

මොරටු සර­ස­වියේ තාක්ෂණ ආය­ත­නයේ පර්යේ­ෂණ සමු­ළුව අද සිට ITUM හිදී

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ආයතනයේ ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද (04) සිට 06 දක්වා හෝමාගම, දියගම එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේදී (ITUM) පැවැත්වේ.

ඉන්දියාවේ කල්කටා හිදී ජාත්‍යන්තර කළමනාකරණ විද්‍යා ආයතනය සමඟ මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අංශය ඒකාබද්ධව ‘ඉන්ඩස්ට්‍රි 5.0 පිළිබඳ අපගේ අපේක්ෂාවන් සහ මේ දක්වා ආ මඟ ආපසු හැරී බැලීම’ මේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පවත්වන අතර, ලොව පුරා සිටින විද්වතුන්ට සහ වෘත්තිකයන්ට තමන්ගේ පර්යේෂණ පත්‍රිකා මේ තේමාව යටතේ ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනු ඇත. මේ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා සහභාගිවීමට නියමිත අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමන්, උපකුලපතිවරුන් සහ ඉන්දියාව බංග්ලාදේශය ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් පර්යේෂකයන් 50කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT