Tuesday, May 13, 2025
Home » මාතලේ කර්මාන්ත – වෙළෙඳ බල­පත් නොදී­මෙන් ගිය වසරේ පාඩුව ලක්ෂ 10ක්

මාතලේ කර්මාන්ත – වෙළෙඳ බල­පත් නොදී­මෙන් ගිය වසරේ පාඩුව ලක්ෂ 10ක්

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

අසේල කුරුළුවංශ

මාතලේ මහා නගර සභා සීමාව තුළ පවත්වාගෙන යන කර්මාන්ත හා වෙළෙඳ ආයතන සඳහා බලපත්‍ර නිකුත් නොකිරීම නිසා පසුගිය වසරේදී රුපියල් නව ලක්ෂ අනූ තුන්දහස් හයසිය හතළිස් එකක මුදලක් නගර සභාවට අහිමි වී තිබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් සිදු කළ විගණනයේදී අනාවරණය වී තිබේ.

නගර සභාව මගින් වෙළෙඳ බලපත්‍ර දීම සඳහා ආයතන 698ක් හඳුනාගෙන ඇතත් ඉන් බලපත්‍ර නිකුත් කර ඇත්තේ 616කට පමණක් බවත්, ආයතන 82ක් සඳහා බලපත්‍ර නිකුත් නොකිරීමෙන් රු. 431,641ක ආදායමක් අහිමිව තිබෙන බවත් විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

කර්මාන්ත සමීක්ෂණයේ දී ව්‍යාපාර ආයතන 1,464ක් හඳුනාගෙන තිබේ. ඉන් ව්‍යාපාර 162කට බලපත්‍ර නිකුත් කර නැති බව අනාවරණය වී තිබෙන අතර ඉන් සභාවට අහිමි වූ ආදායම රු. 562,000කි. අවුරුදු 1 සිට 5 දක්වා කාල පරාසායක ස්ථාන මාරු ලැබූ, විශ්‍රාම ගිය හා වැඩ තහනම් කළ නිලධාරීන් 34 දෙනෙකුගේ ආපදා ණය, උත්සව අත්තිකාරම් හා විශේෂ අත්තිකාරම් අය කර නැති බවත්, එහි එකතුව රු. 2,638,155ක් බවත් විගණන වාර්තාවේ සඳහන් කර තිබේ.

වාර්ෂික විගණන වාර්තාවේ පිටපතක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා වෙතද යොමු කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT