වෘත්තීය සමිති ව්‍යාපාරය මේ මොහොතේ රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සටන් කරන බවත්, මෙය ප්‍රායෝගික ද කියන කාරණාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති බවත්, ජනාධිපතිවරයා පසුගිය 30 වෙනිදා කැබිනට් එකට යෝජනාවක් ඉදිරිපත් කර වැටුප් වැඩි කරන්න අනුමැතියක් ගත් බවත්, එලෙස තිබියදීත් මිනිස්සු පාරට බස්සන එක හරි ද වැරදි ද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පවතින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවැසීය.
“මේ රට බරපතළ විදිහට බංකොලොත් තත්ත්වයට පත් වෙලා තියෙන්නේ කියලා අපි දන්නවා. ගිය අවුරුද්දේ මේ කාලය වෙනකොටත් බංකොලොත් තත්ත්වයට පත් වෙලා, ණය ගෙවාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තිබුණා. ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ ආධාර නැත්නම් අපට මෙහෙ හුස්ම ගන්න හම්බ වෙන්නෙත් නෑ. අද වෙනකොටත් ණයවලින් තමයි රට දුවන්නේ. එවැනි තත්ත්වයකදී රාජ්‍ය සේවකයගේ වැටුප වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 24,000ක් විතර. 24,000ක වැටුපක් ගන්න පුද්ගලයකුට තව රුපියල් 20,000කින් වැටුප් වැඩි කරන්න කියන යෝජනාව ප්‍රායෝගික ද කියන ප්‍රශ්නය අප හමුවේ තියෙනවා.
සමහර වෘත්තීය සමිති තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී දේශපාලන පක්ෂවලට අදාළ වෘත්තීය සමිති ව්‍යාපාරය තමයි මේ සටන් මෙහෙයවන්න කටයුතු කරමින් ඉන්නේ. ඒ අය දේශපාලනික වුවමනා වෙනුවෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය අතකොළුවක් බවට පත් කර ගන්න කටයුතු කරනවා කියන කාරණය පැහැදිලියි. එහෙම නැත්නම් වැටුප් වැඩි කරනවා කියලා රාජ්‍ය නායකයා පොරොන්දු දී තිබියදී ඒක ඉටුකරනතුරු ඉඳලා පසුව සටන් ව්‍යාපාරය කරන්න තිබුණා. ඒත් වැටුප් වැඩි කරනවා කියන පොරොන්දුව දී තිබියදීත් සටන පටන් අරන් තියනවා. ඒක කොයි තරම් දුරට ප්‍රායෝගික ද, සාධාරණ ද කියන ප්‍රශ්නය අප හමුවේ තියෙනවා.
අනික මේ රටේ රාජ්‍ය සේවකයන් ලක්ෂ පහළොවක්, දාසයක් අතර ප්‍රමාණයක් වගේ ඉන්නවා. පෞද්ගලික අංශයේ සේවකයනුත් ලක්ෂ හැට පහක් විතර ඉන්නවා. මෙරට ජනතාව මිලියන විසි දෙකයි. මේ මිලියන විසි දෙකටම අද වෙද්දී ජීවත් වෙන්න අමාරුයි. රටේ සමස්ත ප්‍රශ්නය සමස්තයටම අදාළයි. සහන දෙන්න ඕනෙ නම් කළ යුතු වන්නේ භාණ්ඩ මිල අඩු කිරීම සහ සේවා ගාස්තු අඩු කිරීම. රජයේ සේවකයන් ලක්ෂ පහළොවකට විතරක් වැටුප් වැඩි කළා කියලා රටේ ජනතාව පත්වෙලා ඉන්න දුක්ඛිත තත්ත්වයෙන් මිදෙන්න ඒක හේතුවක් වෙන්නේ නෑ. ඒ නිසාම තමයි ජනාධිපතිවරයා කියලා තිබුණේ පෞද්ගලික අංශයෙත් වැටුප් සමානුපාතිකව වැඩි කරන්න ඕනෙ කියලා. හැබැයි ඒ වුණත් වැඩි වෙන්නේ ලක්ෂ අසූවක වගේ ප්‍රමාණයක. එතකොට අතිවිශාල බහුතරයට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ.
අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය චෝදනා කරනවා වසර හතක් තුළ වැටුප් වැඩිවීමක් සිදු වුණේ නෑ කියලා. ඒක වැරදියි. මේ 2023. වසර හතක් තුළ වැටුප් වැඩි වුණේ නැත්නම් 2016න් පස්සෙ වැටුප් වැඩි නොවී තියෙන්න ඕනෙ. ඒත් 2015 අපි කළ වැටුප් වැඩි කිරීමේදී වැටුප දෙගුණ කළා, 107%කින් වැටුප් වැඩි කළා වසර පහකට. එක වසරක වැටුප 21%කින් වැඩි කළා. අතිකාල දීමනා 21%කින් වැඩි කළා. ඒ විදිහට අවුරුදු පහක් එක දිගට වැටුප් වැඩි කළා. අවුරුදු පහක් අඛණ්ඩව වැටුප් වැඩි කර තිබියදීත් අවුරුදු හතක් තුළ වැටුප් වැඩි කළේ නෑ කියන බොරු සටන් පාඨයක් ප්‍රදර්ශනය කිරීම ගැළපෙන්නේ නෑ. ඒ නිසා ජනතාව පාරට බස්සලා රට ආරාජික කරන්න යම් ප්‍රමාණයකට දේශපාලනිකව උත්සාහ ගන්නවා නම් ඒක වැරදියි කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්.”