313
තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් කිතුල්කොටේ අලිවංගුව ප්‍රදේශයේ රක්ෂිත වනයේ ගසක එල්ලෙමින් තිබූ මිනිස් ඇටසැකිල්ලක් ඉකුත් (02) වැනි දා සවස තණමල්විල පොලීසිය සොයාගෙන ඇත.
මීට මාස 02 පමණ ඉහත දී මිය යන්නට ඇතැයි සැළකෙන මෙම මිනිස් ඇට සැකිල්ල අසල තිබී සරමක් හමුවී ඇති අතර ඒ අනුව මෙම ඇටසැකිල්ල පිරිමි පුද්ගලයෙකුගේ බවත් ඔහු ගෙල වැළලාගන්නට ඇති බවත් පොලීසිය විශ්වාසය පළකරයි.
මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඉකුත් (03) වැනි දා වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි. තණමල්විල පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.