366
පාසල් ළමුන් ඉලක්ක කරගෙන අලෙවි කරණ මත්පෙති 5500 ක් සමඟ එක් සැකකරුවකු මන්නාරම පොලීසිය විසින් 2දා අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 30 ක් වූ මෙම සැකකරු පුත්තලමේ සිට මන්නාරමට පැමිණ කාලයක් තිස්සේම මෙම මත් පෙති අලෙවි කරණ බවට මන්නාරම පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් සිට ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත් අඩංගුවට පත්ව ඇත්තේ මන්නාරම තාවුල්පාඩු සිට තාරාපුරම් ප්රදේශය දක්වා මත්පෙති ප්රවාහනය කරමින් සිටියදී ය. සැකකරු මන්නාරම අධිකණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.