Home » ගංජා නඩුවේ සැකකාර මේජර්ට ඇප නෑ

ගංජා නඩුවේ සැකකාර මේජර්ට ඇප නෑ

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

අනුරාධපුර උපාලි ආනන්ද කරුණාදාස

අනුරාධපුර හෝටලයකදී ගංජා කිලෝ 343 ක් අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා වසර දෙකකට අධික කාලයක් පොලිසිය මගහැර පළා ගොස් සැඟව සිටිය දී අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින යුධ හමුදාවේ හිටපු මේජර්වරයා ඔනෑම ඇප කොන්දේසියක් මත මුදා හරින්නැයි නීතිඥවරයකු කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව සැකකරු මේ මස 16 දින දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසට ද නියෝග කෙරිණ. මෙසේ යළි රිමාන්ඩ් කළේ අනුරාධපුර තුන් වන පියවර පදිංචිකරුවකු වන ශ්‍රි ලංකා යුධ හමුදු ගැමුණු හේවා රෙජිමේන්තුවේ හිටපු මේජර් වරයකු වන ජයවීර ඉන්ද්‍රකීල ප්‍රනාන්දු නැමැත්තෙකි.

මෙම සැකකරු කලක් ඉංග්‍රිසි ගුරුවරයෙකු ලෙසද සේවය කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් මුණසිංහ මහතා අධිකරණයට කියා සිටියේ ගංජා කිලෝ 345ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙම හිටපු මේජර්වරයා බවට විමර්ශනවලදී හඳුනා ගෙන ඇති බවයි.

ගංජා තොගය ඉන්දියාවෙන් ගෙන්වන ලද කේරල ගංජා බවට විමර්ශවලදී හෙළිවි නැයි ද අධිකරණයට සැළ කළ ස්ථානාධිපතිවරයා සැකකරු ගංජා ජාවාරම කර ගෙන ගොස් ඇත්තේ අනුරාධපුර නිදහස් මාවතේ පිහිටි සෙරන්ඩිබි ෆැමිලි ගෙස්ට් නමින් හදුන්වන හෝටලයේ කාමරයක් කුලියට ලබා ගෙන ඒ තුළ බවද සඳහන් කළේය.

පැමිණිළ්ල වෙනුවෙන් කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් මුණසිංහ මහතා සමඟ නඩු කටයුතු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක දේශප්‍රිය නවරත්න යන මහත්වරුන් පෙනී අතර සැකකරු වෙනුවෙන් නීතිඥ රංජිත් රාජකරුණා මහතා පෙනී සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT