284
මියන්මාර කාන්තාවක සමඟ සමඟ හෝටල් කාමරයක සිටියදී ඇද වැටීමෙන් මිය ගියේ යැයි කියන සංචාරක මගපෙන්වන්නකු ගේ මරණ පරීක්ෂණය මීගමුව නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා ඉදිරියෙහි දී පසුගිය දෙවැනි දා සිදු කෙරිණි.
මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල පදිංචි සංචාරක මගපෙන්වන්නකු බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය. මේ තැනැත්තා සංචාරක මග පෙන්වන්නෙකු වශයෙන් කටයුතු කරමින් මියන්මාර කාන්තාවක සමඟ සීගිරිය ඇතුළු ප්‍රදේශ කීපයක නවාතැන් ගෙන පසුව මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ හෝටල් කාමරයක නැවතී සිටිය දී මෙසේ මියගොස් ඇතැයි මියන්මාර් කාන්තාව සාක්ෂි දෙමින් පවසා ඇත.