Home » ඇද වැටු­ණැයි කී රැඳ­වියා මිය­ගොස් ඇත්තේ පහ­ර­දී­ම­කින්

ඇද වැටු­ණැයි කී රැඳ­වියා මිය­ගොස් ඇත්තේ පහ­ර­දී­ම­කින්

සැක­කාර රැඳ­වි­යන් 5ක් ගැන පොලිස් පරී­ක්ෂණ

by Gayan Abeykoon
November 4, 2023 1:00 am 0 comment

ත්‍රිකුණාමලය විශේෂ ඒ.ටි.එම්.ගුණානන්ද

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ සී වාට්ටුව තුළ ඇද වැටි හිසට තුවාල වු බව කියමින් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දි මියගිය රැඳවියාට තවත් රැඳවියන් පිරිසක් පහර දී ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි.

මේ පහරදිමට සම්බන්ධ රැඳවියන් පස් දෙනකු තවමත් බන්ධනාගාර ගතව සිටින අතර ඇප මත මුදාහැර සිටි සැකකරුවන් දෙදෙනකු පසුගිය දා (02) අත්අඩංගුවට ගත් බවත් තවත් අයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගන යන බවත් පොලිසිය පැවසීය.

ඉකුත් අගෝස්තු 10 දා පහර කැමට ලක් වූ රැඳවියා නොවැම්බර් 01 දින මිය ගිය අතර තම පියාගේ මරණය සැක සහිත බවට පුතා වන සේරුනුවර සමගිපුර දෙහිවත්ත පදිංචි එම්.ඒ.කවිදු ලක්ෂාන් නැමැති අය ත්‍රිකුණාමලය වරාය පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදු කළ පරික්ෂණවලින් මේ පහරදිම අණාවරණය කරගැනිමට පොලිසිය සමත් වුහ.

මෙලෙස මිය ගොස් ඇත්තේ සේරුනුවර, සමගිපුර, දෙහිවත්ත පදිංචි එම්.ඒ.වසන්ත කුමාර (43) නැමැති අයයි.

සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය වරාය පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT