දොඹගහවෙල පොලිස් වසමට අයත් පහළයාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මන්ද මානසික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු පෙරේදා (02) දොඹගහවෙල පොලිසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
ඉකුත් 01 වැනිදා රාත්‍රි 9.30ට පමණ දොඹගහවෙල ගමේ පැවති මඟුල් ගෙදරකට යමින් සිටි සැකකරු ඇයව යතුරුපැදියේ නංවාගෙන අතරමඟදී පාළු නිවෙසකට කැඳවාගෙන ගොස් ලිංගික අතවර සිදුකර තිබේ.
සිද්ධිය පිළිබඳව කාන්තාව විසින් මවට මේ පිළිබඳව දැනුම්දීමෙන් අනතුරුව ඒ පිළබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
අතවරයට පත්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ.
සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතුයොදා ඇත.
දොඹගහවෙල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී.එම්. කුමාරසිංහ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.