Thursday, May 15, 2025
Home » කෑගල්ල පාසල් රිය නියා­මක දරු­වන් වෙනු­වෙන් රථ­වා­හන වැඩ­මු­ළු­වක්

කෑගල්ල පාසල් රිය නියා­මක දරු­වන් වෙනු­වෙන් රථ­වා­හන වැඩ­මු­ළු­වක්

by Gayan Abeykoon
November 4, 2023 1:14 am 0 comment

කෑගල්ල විශේෂ - චමින්ද ජයලත්, සබරගමුව සමූහ - ගාමිණී රම්‍යපාල

කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ පාසල් 11ක පාසල් රිය නියාමක දරුවන් වෙනුවෙන් රථවාහන අධ්‍යාපන වැඩමුළුවක් හා රථවාහන හැසිරවීමේ සංදර්ශනයක් ඉකුත්දා කෑගල්ල දී පැවැති බව කෑගල්ල මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ මහතා පැවසීය.

කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වයි.එල්. ලීලවංශ මහතාගේ ඉල්ලීම පරිදි කොළඹ රථවාහන මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් රණගල මහතාගේ උපදෙස් පරිදි මෙම රථවාහන අධ්‍යාපන වැඩමුළුව හා රථවාහන හැසිරවීමේ සංදර්ශනය ක්‍රියාත්මක කෙරිණ.

කෑගල්ල මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.පී. වීරසිංහ මහතාගේ සහභාගිත්වයෙන් කෑගලු විද්‍යාලයේ දී රථවාහන අධ්‍යාපන වැඩමුළුව පැවැත්විණ. මේ සඳහා කෑගලු විද්‍යාලය, කෑගලු බාලිකා විද්‍යාලය, ශාන්ත මරියා විද්‍යාලය, ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, කෑගල්ල රාජකීය විද්‍යාලය, මොළගොඩ ජයපාල විද්‍යාලය, ස්වර්ණ ජයන්ති ජාතික පාසල, හෙට්ටිමුල්ල බණ්ඩාරනායක ජාතික පාසල, හෙට්ටිමුල්ල නව ජාතික පාසල සහ රංවල මහනාග ජාතික පාසල ඇතුළු පාසල් 11ක්, දරුවන් 435ක් සහභාගීවී තිබුණි. වැවැඩමුළුවෙන් අනතුරුව රිය නියාමක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වටිනා සහතික පත්‍රයක් හා ජැකට් එක් බැගින් ප්‍රධානය කෙරිණ.

පසුව කොළඹ රථවාහන මූලස්ථානයේ පොලිස් පරීක්ෂක රවීන් සුමනරත්ත උප පොලිස් පරීක්ෂක කාරියවසම් මහතා ඇතුළු නිලධාරින් 13 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කෑගල්ල නිදහස් මාවතේ දී රථවාහන සංදර්ශනය පැවැත්විණ. එහිදී රථවාහන සංඥා, යතුරු පැදියක ගමන් කරන ආකාරය, පා පැදියක ගමන් කරන ආකාරය හා ප්‍රධාන මාර්ගය බෝල සෙල්ලම් නිවැරදිව සිදු කරන අයුරු. පොලිස් නිලධාරීන් විසින් පාසල් දරුවන් දැනුවත් කිරීම සිදු කෙරිණ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT