Sunday, May 11, 2025
Home » අම්පාරේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

අම්පාරේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කරයි

by chanaka
November 7, 2023 10:18 am 0 comment

අම්පාර, බණ්ඩාරදූව පොලිස් වසමේ මායාදුන්න ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පවසයි.

ඊයේ(06) රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකළ ඇති අතර, එහිදී 42 හැවිරිදි මායාදුන්න, වැරන්කැටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගිය පුද්ගලයා නිවස පිටුපස දියනාමින් සිටිය දී පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබේ.

කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.

වෙඩිතැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT