Home » මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දෙයි

by chanaka
November 7, 2023 10:40 am 0 comment

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අතර අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් සඳහන් කර ඇත්තේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT