මෙහෙම කරන්නේ සේවකයන් -වෙළෙඳසල් හිමියෝ
දිවයිනේ එළවළු අවශ්‍යතාවෙන් 70%ක් පමණ සපයන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙනි. එහි එළවළු ගබඩා කිරීම් සහ අලෙවි කරන ස්ථානවල ඇති දැඩි අපිරිසිදුතාව නිසා මුළු රටටම ලෙඩ රෝග බෝ කරන ස්ථානයක් බවට පත්වීමේ දැඩි අවදානමක් පවතින බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
කිසිම බලධාරියකුගේ අවධානය යොමු නොවීමෙන් ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් 150කට වැඩිය වෙළෙඳාම දිවා රාත්‍රී කළ ද එහි වෙළෙඳ සැල් පිටුපස මෙන්ම ආපණ ශාලා ද දැඩි අපිරිසුදු තත්ත්වයේ පවතින බව ජනතාව පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථිකයේ සහ පිවිසුම් ස්ථාන ද විශාල වළවල් සෑදී වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වන බවත් එහෙත් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළුවන අවස්ථාවේ සිට සෑම දෙයක්ම මුදලට සිදු වෙද්දී එහි නඩත්තු කටයුතු ගැන සෑහීමකට පත්විය නොහැකි බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථිකයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ලැබෙන එළවළු හා පලතුරුවලින් එක රැයක් ඇතුළත මුළු ලංකාවේ සියයට හැත්තෑවක් පමණ එළවළු අවශ්‍යතාවෙන් බෙදාහැරීම් සිදු වෙන නමුත් එහි වෙළෙඳ සැල් පිටුපස අපිරිසුදු ස්ථානවල එළවළු ගොඩගසා ඇති අයුරු සොයා බැලීමට එහි අපි ගියෙමු.
වෙළෙඳ සැල් සේවකයන් මලමුත්‍රා කිරීම, සෙම් සොටු, බුලත් කෙළ හා නොයෙකුත් ආකාරයේ අපවිත්‍ර කර තිබීම, කානු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඒවා ඉතා ජරාජීර්ණ තත්ත්වයට පත්ව පණුවන්ගෙන් ගහනව දැක ගැනීමට හැකි වූ අතර එම මල මුත්‍රා කෙළ සෙම මෙන්ම බුලත් කෙළ මත ගොවීන් රැගෙන එන එළවළු ගබඩා කර තිබෙන අයුරුද දැක ගැනීමට හැකිවිය.
කරපිංචා, රම්පෙ, පළා වැනි ද්‍රව්‍ය එම කෙළ ජරාව මත තබා තිබෙන අයුරුද දැක ගත හැකි විය. වෙළෙඳ සැල් හිමියන් කියා සිටින්නේ තමන්ගේ සේවකයන් මෙය සිදු කරන බවයි. තමන්ට එහි වගකීම් ගැනීමට නොහැකි බවද ඔවුහු පවසති.
දඹුල්ල ආර්ථිකයේ ප්‍රධාන ආපණ ශාලාවේ සහ අනෙකුත් ආපණ ශාලා ඇතුළත ආහාර පිසින ස්ථාන මෙන්ම අලෙවි කරන ස්ථාන ද අපිරිසුදුව පවතින අතර ශීතකරණවල පිසූ ආහාර මෙන්ම මස් මාළු ආදී සියල්ල එකට දමා නැවත ජනතාවගේ පරිභෝජනයට ලබා දීම සිදු කරති.
ජනතාවට එම ස්ථාන පරීක්ෂා කිරීමට හෝටල් හිමියෝ අකමැත්ත පළ කරමින් බාධා කරන්නටද විය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ හිටපු සභාපති යූ. බී. ඒකනායක මහතා –
කාලයක් මෙවැනි තත්ත්වයක් උදා නොවූ බව පැවසීය.කෙසේ වෙතත් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත දැඩි අපිරිසුදු තත්ත්වයෙන් පවතින බව තමා පිළිගන්නා බවද පැවසීය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාලනය කරන්නේ කළමනාකරණ භාරයක් මඟිනි. එහි කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතාගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ වෙළෙඳ මධ්‍යස්ථානයක සිදුවන සෑම දෙයක්ම සියල්ල නිසි ලෙස ඉටු කිරීමට හැකියාවක් නැති බවය. අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල ද මේ තත්ත්වය පවතින බව ඔහු පැවසීය.
එළවළු සමඟ ලෙඩ රෝග කාරක රටපුරා බෙදා හැරීම මලමුත්‍රා බුලත් කෙළ සහ අපද්‍රව්‍ය උඩ එළවළු සහ පලතුරු තැබීම ගැන විමසීමේ දී ඔහු ඒ පිළිබඳව ඕනෑ තරම් දැනුම්වත් කර තිබෙන බව පැවසීය.
මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර ඉතා අපිරිසුදු ස්ථානවල දමා තිබියදී එහි වෙළෙඳ සැල් හිමියන්ට පෙන්වා දීමේ දී ඔවුන් ද ඒවා පිළිගැනීමට අකමැත්තක් දැක්වීම විශේෂත්වයකි. පසුව එහි බරපතළකම පෙන්වා දීමේ දී ව්‍යාපාරිකයන් තමන් අතින් සිදුවන වරද ගැන දැඩි ලෙස සේවකයන්ට දොස් කියන්නට ද වූහ.
සීගිරිය විශේෂ