නව වසරේ පාසල් ඇරඹීම පෙබ.19දා – අය වැයෙන් අධ්‍යාපනයට බිලියන 237ක්
විද්‍යා-ගණිත-ඉංග්‍රීසි ගුරුවරුන් 5450ක් බඳවා ගන්න භාණ්ඩාගාර අනුමැතිය
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම මස තුන්වැනි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (06) පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේද පැවසීය.
2024 පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසල් වාරය ආරම්භ කරනවා. පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට හැකි බවත් ඒ අනුව 2025 පාසැල් වර්ෂය සාමාන්‍ය තත්ත්වයෙන්ම පැවත්වීමට හැකියාව ලැබෙනවා.
යෝජිත 2024 අය වැය මඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක මුදලක් වෙන් කිරීමට සැළසුම් කර ඇති බව කී අමාත්‍යවරයා, එම ප්‍රමාණය අධ්‍යපානය වෙනුවෙන් වෙන්කළ සමස්ත මුදල නොවන බවත් පළාත් සභා යටතේ වෙන්වන වැය ශීර්ෂය හරහා ද පළාත් 09 ආවරණය පරිදි අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රාග්ධන හා පුනරාවර්තන වියදම් සඳහා මුදල් වෙන් වෙනවා.
පසුගිය සමයේ රටේ පැවති තත්ත්වය හමුවේ 2023 වර්ෂයේ පළමු පාසැල් වාරය ආරම්භ කළේ 2023 මාර්තු 27 වැනිදායි. සිදු වූ ප්‍රමාදයන් වළක්වමින් 2024 වර්ෂයේ පෙබරවාරි 19 වැනිදා නව වසරේ පළමු පාසල් වාරයේ ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව පළමු වසරේ සිට එකොළහ වසර දක්වා විෂය නිර්දේශයන් එම වසර තුළම අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2025 පාසල් වර්ෂය සාමාන්‍ය තත්ත්වයෙන්ම පැවත්වීමට අපට හැකියාව ලැබෙනවා.
ඒ වගේම උසස් පෙළ විභාගය ද අප පැවැත්වීමට කටයුතු කළා. නමුත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් හේතුවෙන් පිළිතුරු පත්‍ර සමීක්ෂණය කල් ගියා. තවත් පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. නමුත් මේ වන විට නියමිත ආකාරයට කාලසටහන් නිකුත් කිරීමට අප පියවර ගෙන තිබෙනවා. පවතින තත්ත්වයන් කෙසේ වුවත්, කාලය කළමනාකරණය කරමින් නියමිත කාලයට විභාග පැවැත්වීම අපගේ අපේක්ෂාවයි.
එමෙන්ම පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තෙවන සතියේ නිකුත් කිරීමට අප සූදානම්ව සිටිනවා. මෙතැනදී අපට අභියෝගයන් කිහිපයකට මුහුණ දෙන්න සිදුව තිබෙනවා. යෝජිත සාමාන්‍ය පෙළ විභාගය මැයි මස දක්වා කල්යන විට, අලුතින් එකොළහ වසරට පැමිණෙන දරුවන් ද පෙබරවාරි මස 19 එම පන්තිවලටම පැමිණෙනවා. එම තත්ත්වය පාසැල් මට්ටමින් කළමනාකරණය කර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.
අප භාර ගන්නා විට අධ්‍යාපන පරිපාලන ක්ෂේත්රයේ පුරප්පාඩු 808ක් තිබුණා. එම ප්‍රමාණයෙන් 50%ක් බඳවා ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය ලැබුණා. ඒ වෙනුවෙන් අදාළ විභාගය මේ වන විට පවත්වා අවසන් බැවින් කඩිනමින් සම්මුඛ පරීක්ෂණ පවත්වා බඳවා ගැනීම් සිදු කිරීමට අප කටයුතු කරනවා.
ගුරු අධ්‍යාපනඥ සේවය සඳහා පුරප්පාඩු 707ක බඳවා ගැනීම් සඳහා අනුමැතිය හිමිවී තිබෙනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහාම ඔවුන් සේවයේ පිහිටුවීමට අප කටයුතු කරනවා. එමඟින් පීඨ 19ක් සඳහා ගුරුවරුන් පුහුණු කිරීම සිදුවනවා. ගුරු සේවයේ සියලුම ශ්‍රේණීන් සඳහා පවතින පුරප්පාඩු සියල්ල ලබන පාසල් වාරයට ප්‍රථමයෙන් සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වනවා.
රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන්, උපාධිධාරීන් ලෙස ගුරු සේවයට බඳවා ගැනීමට සඳහා සූදානම් වූ මොහොතේ ඊට එරෙහිව පිරිසක් අධිකරණයට ගොස් තිබෙනවා. එහි විසඳුම ලැබෙන තෙක් පළාත් මට්ටමින් විශ්‍රාමික ගුරු පුරප්පාඩු සහ සේවය හැර ගිය ගුරුවරු වෙනුවෙන් සියලුම පළාත් ආවරණය වන පරිදි බඳවා ගැනීම් සිදු කරගෙන යමින් සිටිනවා.
විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි, විදේශ භාෂා සහ තාක්ෂණ විෂයන් සඳහා ගුරුවරුන් 5450ක් බඳවා ගැනීමට භාණ්ඩාගාර අනුමැතිය හිමි වී තිබෙනවා. එය පළාත් මට්ටමින් සිදු කරගෙන යමින් සිටිනවා. ඒ වගේම ජාතික පාසැල් සඳහා ද බඳවා ගැනීම වෙනුවෙන් මේ සතිය වන විට ගැසට් නිවේදනය නිකුත්වීමට නියමිතව තිබෙනවා.
2024ට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සඳහා රුපියල් බිලියන 237ක් වෙන්වී තිබෙනවා. මෙය සමස්ත අධ්‍යාපනය වෙනුවෙන්ම වෙන්කළ මුදල නොවෙයි. පළාත් සභා වැය ශීර්ෂය යටතේ ද පළාත් 09ට අදාළව අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් වෙන් කෙරෙනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රතිපත්ති රාමුව ඇමැති මණ්ඩලය අනුමත කළා. එය පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමතවීමෙන් පසු පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට බලාපොරොත්තු වනවා. ඒ හැර අධ්‍යාපන ප්‍රතිපත්තිය ආණ්ඩුවෙන් ආණ්ඩුවට හෝ ඇමැතිවරයාගෙන් ඇමැතිවරයාට වෙනස් නොවිය යුතු බව අපේ ස්ථාවරයයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන යෝජනා ක්ෂේත්‍ර හතරක් ඔස්සේ ඉදිරියට ගෙන යනවා. මෙමඟින් අප සූදානම් වන්නේ විභාග පාදක ක්‍රමයෙන් විතැන්වී පන්ති කාමරයේ ඇති තක්සේරු ක්‍රමය යන ද්විත්වයම එක්කොට විභාගයේ ඇති තරගකාරී ස්වභාවය හැකිතාක් දුරට අඩු කිරීමටයි. එමඟින් දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට මෙන්ම ගුරුවරුන්ට නිදහසේ අධ්‍යාපනය ලබාදීමේ වටපිටාවක් නිර්මාණ කිරීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට 2024ට අදාළ පෙළපොත් බෙදාදීමේ කටයුතු සූදානම් කර තිබෙනවා. පාසල් නිල ඇඳුම් බෙදාදීමේ කටයුතු ද 80%කින් අවසන් කර තිබෙනවා. සියලුම පාසල් සිසුන් සඳහා ලබන වසරේ සිට දිවා ආහාරය ලබා දීමටත් සැලසුම් කර තිබෙනවා. 2030 වන විට සෑම පාසල් දරුවකුට දිවා ආහාරයක් ලබාදීමත් අපගේ අරමුණයි. ඒ සඳහා ලෝක ආහාර වැඩසටහන, USAID සහ පෞද්ගලික අංශය ද එක්ව වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.