Home » රටට හිතකරව ක්‍රිකට් නැංවීම ගැන බලන්න -සිව් පුද්ගල කැබිනට් අනු කමිටුවක්

රටට හිතකරව ක්‍රිකට් නැංවීම ගැන බලන්න -සිව් පුද්ගල කැබිනට් අනු කමිටුවක්

by sachintha
November 7, 2023 1:04 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය අත්හිටුවා අතුරු පාලන කමිටුවක් පත් කිරීමට ගත් තීරණය රටට බලපාන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිව් පුද්ගල අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ඊයේ (06) පත් කරනු ලැබීය.

මෙම අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානතම පරමාර්ථය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් නොවැටී තබාගෙන ඉදිරියට ගෙන යෑම සඳහා ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය රජයට යෝජනා කිරීමයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉහත කමිටුව පත් කිරීමට පියවර ගැණින.

විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරු ඇතුළත් වෙති.

ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ක්‍රිකට් අතුරු කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් රජය දැනුවත් කර නොතිබූ බව ප්‍රකාශ විය. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත්කරනු ලැබුයේ මේ පසුබිම යටතේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT