ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල කාර්ය හා කර්තව්‍ය නිසි පරිදි සහ කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 33 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතලවලට අනුව නිලවරණයක් පවත්වනතුරු හෝ නැවත දැනුම් දෙනතුරු වැඩකටයුතු කිරීමට ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අති විශේෂ ගැසට් පත්‍රයකින් ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවා අන්තර් පාලන මණ්ඩලයක් පත් කළේය.
අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අතුරු පාලන කමිටුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිනී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, එච්.කේ. උපාලි ධර්මදාස, නීතිඥ රඛිත නිර්මල රාජපක්ෂ සහ එම්.එච්. ජමාල්ඩීන් මහත්ම මහත්මීහු ඇතුළත් වෙති.
ෆවුස් මොහොමඩ්
176
කලින් පුවත