හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරියේදී ප්‍රබල බලවේගයක් සමඟ එකතු වී කටයුතු කරනු ඇතැයි සමඟි ජන බලවේගයේ අක්මීමන ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජයපාල හෙට්ටිආරච්චි මහතා මේ බව පැවැසීය.
ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, හිටපු ජනාධිපතිනිය රට ගොඩනඟන්න සහාය දෙනවානම් සමඟි ජන බලවේගයද ඊට සහාය දෙන බවත්ය. හිටපු ජනාධිපතිවරිය, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරන්න යම් සේවයක් කළා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියේදී ප්‍රබල බලවේගයකට එකතු වෙලා ඒ බලවේගය ශක්තිමත් කරන්න කටයුතු කරාවි. චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජපක්ෂ පවුල වගේ තමන්ගේ පවුල් දූෂිත හොර නඩයක් බවට පත් කර ගත්තේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලනයට එනවට අපි කැමතියි.
හිටපු ජනාධිපතිනියක් ලෙස රට ගොඩනඟන්න සහාය දෙනවා නම් සමඟි ජන බලවේගය කැමතියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සමඟ හෝ රජපක්ෂවරු සමඟ එකතුවෙලා දේශපාලනය කරයි කියා අපි විශ්වාස කරන්නේ නෑ.
රක්ෂණ ශ්‍රියන්ත