සවස් කාලයේ පවතින වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් මේ මාසය අවසන් වන තෙක් පවතිනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසයි.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, රත්නපුර, දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණනාවක් සඳහා අද (07) පස්වරු 3.00 දක්වා වලංගු වන පරිදි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් පිළිබඳ දෙවන සහ පළමු අදියරේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
ගංවතුර පවතින ප්‍රදේශවල මෙන්ම පිටවාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල සිටින ජනතාව, එම තත්ත්වයන් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කළ යුතු යැයිද වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීස්වර මහතා පැවසීය. ඊයේ (06) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය මි.මී 150ක් ලෙස හක්වටුනා ඔය ප්‍රදේශයෙන් වාර්තා විය.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් ඊයේ (06) දහවල් වන විට විවෘත කර තිබූ අතර එයින් තත්පරයට ඝනඅඩි 17,200ක ධාරිතාවකින් ජලය පහළට ගලාගෙන යයි. මෙම තත්ත්වය සැලකිය යුතු මට්ටමේ ජල ධාරාවක් බව ඉංජිනේරු එස්.පී.සී. සුගීස්වර මහතා පැවසීය.
නිල්වලා ගඟ සහ අත්තනගලු ඔයේ පහළ ප්‍රදේශවල ජල මට්ටම් ඊයේ දහවල් වන විටද සුළු ගංවතුර මට්ටමක පැවතිණි. ඊයේ (06) පස්වරු 3.30 පමණ වන විට වලවේ ගඟේ ජල මට්ටම ද විමසිලිමත් වීමේ මට්ටමක පැවතිණි.