හමුදා කඳවුරකට සහල් අවශ්‍ය බව ව්‍යාජ දුරකථන ඇමතුමක් ලබා දී හොරණ සහල් මෝල් හිමියෙකුගෙන් රුපියල් ලක්ෂ දකහමාරක් වටිනා සහල් රැගෙන පලාගිය ගම්පහ ප්‍රදේශයේ ලොරි රථයක් පිළිබඳ පරික්ෂණ පවත්වන බව අඟුරුවාතොට පොලිසිය කියයි .
හොරණ , දොඹගොඩ ප්‍රදේශයේ යුධ හමුදා කඳවුරකට සහල් තොගයක් මිලදී ගැනිමට අවශ්‍ය බව පසු ගිය (04) දා හොරණ කුඹුක ප්‍රදේශයේ පිහිටි සහල් මෝලකට දුරකථන ඇමතුමක් ලබා දී ඇත.
ඒ අනුව පසු ගිය (05) දා සවස සහල් ලොරියක් දොඹගොඩ ප්‍රදේශයට ගෙනවිත් තිබේ. සහල් තොගයෙන් කොටසක් හොරණ කඳවුරකට අවශ්‍ය බව ප්‍රකාශ කර රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනා සහල් තොගයක් වෙනත් ලොරියකට පටවාගන ඉතිරි සහල් දොඹගොඩ යුධ හමුදා කඳවුරකට දෙන්නැයි ප්‍රකාශකර එම පිරිස පැමිණි ලොරි රථයෙන්ම පලා ගොස් ඇත.
මෝල් හිමියා ඉතිරි සහල් රැගෙන කඳවුරට ගිය විට යුධ හමුදා කඳවුරෙන් එවැනි සහල් ඇමතුමක් නොකළ බව ප්‍රකාශ කර ඇත. එවිට තමන් රැවටි ඇති බව තේරුම් ගත් සහල් මෝල් හිමියා සිද්ධිය පසු ගිය (05) අඟුරුවාතොට පොලිසියට පැමිණි කර ඇත.
අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදිප් ආන්ද සිල්වා මහතා වහා ක්‍රියාත්මකව ලොරි රථයේ අංක පරික්ෂාකර එය ගම්පහ ප්‍රදේශයේ එකක් බව හඳුනාගන ඇත.ඇමතුම් ලැබුණු දුරකථන අංක පිළිබඳ විමර්ශන සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කරන බව අඟුරුවාතොට පොලිසිය කියයි .
පි. සෝමරත්න – මීගහතැන්න සමුහ-