Home » දකුණු ආසියා සැම්බෝ සටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

දකුණු ආසියා සැම්බෝ සටන් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

by sachintha
November 8, 2023 1:08 am 0 comment

දෙවැනි දකුණු ආසියානු සැම්බෝ (Sambo) සටන්කලා ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ 8 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 04ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගෙන සමස්ත තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වෙමින් ඊයේ (07) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත්දා (01) සිට (05) දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්දු ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වා තිබිණි. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා සැම්බෝ කණ්ඩායම ආසියානු තරගාවලියට සහභාගි වීම සඳහා සුදුසුකම් ලබා තිබේ. මෙම ජයග්‍රාහී කණ්ඩායම ඊයේ (07) පස්වරු 03.25ට ඉන්දියාවේ චෙන්නායි සිට ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී 834 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මොවුන් පිළි ගැනීම සඳහා ශ්‍රී ලංකා සැම්බෝ ෆෙඩරේෂනයේ නිලධාරීන් සහ මෙම ක්‍රීඩකයන්ගේ මවුපියන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT