මගීන් රැගත් රත්මලාන ඩිපෝවට අයත් බස් රථයක් අද (08) උදෑසන කළුතර ගල්අස්හේන ප්රදේශයේ දී පන්සලට හීල් දානය රැගෙන යමින් තිබූ ත්රීරෝද රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් කාන්තාවන් 5 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
තුවාලකරුවන් 10 දෙනෙකු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවත් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවත් රෝහල් ප්රකාශකයෙක් පැවසීය .
තුවාල ලැබූවන් අතර බස් රථ රියදුරු සහ ත්රිරෝද රථ රියදුරුද වන බව සදහන් වේ.
අනතුර හේතුවෙන් කළුතර මතුගම මාර්ගයේ පැවතී වාහන තදබදය කළුතර දකුණ පොලිස් නිළධාරීන් එක්ව යතා තත්ත්වයට පත්කරන ලදී .
මාපලගම සිට කොළඹ බලා ධාවනයවූ බස් රථය කළුතර ගල්අස්හේන ප්රදේශයේ දී ඉදිරියෙන් ගමන් ගත් අසල විහාරස්ථානයකට හීල්දානය රැගෙන යමින් තිබූ ත්රීරෝද රථයක් දකුණට හැරවීමට උත්සාහ කිරීමේදී අනතුර සිදුව , බස් රථය මාර්ගයේ අනෙක් පසට ඇදීගොස් අසල තිබූ කානුවකට වැටී නතරව තිබූණි .