Home » ශ්‍රි පාද කල්ප රුක්ෂ විහාරයේ වාර්ෂික කඨින චිවර පුජාව පැවැත්වෙයි

ශ්‍රි පාද කල්ප රුක්ෂ විහාරයේ වාර්ෂික කඨින චිවර පුජාව පැවැත්වෙයි

by yasara
November 9, 2023 12:48 pm 0 comment

නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ පිහිටි ශ්‍රි පාද කල්ප රුක්ෂ විහාරයේ වාර්ෂික කඨින චිවර පුජාව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (09) දින සිදු කෙරිණ.

කඨින චිවර පිංකමට සමගාමිව එම විහාරයේ ඉදි කරන ලද චෛත්‍යය රාජාණන් වහන්සේට මුල් ගල තැබිම , බොධි ප්‍රකාරය වටා ඉදි කර ඇති රන් වැට විවෘත කිරිම ,නේත්‍රා පිංකම ඇතුළු පිංකම් රැසක් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

ශ්‍රි පාද කල්ප රුක්ෂ විහාරස්ථානයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියන්ගේ ආරාධනා පරිදි කල්ප රුක්ෂ විහාරයට වැඩම කල ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් පිලි ගැනිම එම විහාරස්ථානයේ සිංහල සහ දමිල දායක සභාව විසින් සිදු කරනු ලැබුහ.

කල්ප රුක්ෂ විහාරස්ථානයේ වාර්ෂික කඨින චිවර පුජා මහ පිංකමට සමගාමිව එම පිංකමට වැඩම කල ගරුතර සංඝ රත්නයේ විෂයෙහි දානමය පිංකමක් පැවැත්විමට එම විහාරස්ථානයේ දායක සභාව විසින් කටයුතු කර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT