Home » ජන සංගණනය අවස්ථාවේ අබාධිත තැනැත්තන් ගැන අවධානය

ජන සංගණනය අවස්ථාවේ අබාධිත තැනැත්තන් ගැන අවධානය

by chanaka
November 10, 2023 2:44 pm 0 comment

ජන සංගණනය සිදුකරන අවස්ථාවේදීම වෙනම දත්ත පත්‍රිකාවක් සකසා අබාධිත පුද්ගලයින්ගේ ආබාධඅ වර්ග හඳුනා ගන්ඇයි ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

අබාධ සහිත තැනැත්තන් සම්බන්ධයෙන් වන ගැටලු, එම ගැටලු විසඳීම සඳහා අදහස් හා යෝජනා සළකා බැලීම, ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේදී සිදුවිය. ඒ එම සංසදය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා 08 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙම අවස්ථාව සඳහා කාන්තා ,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, අබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික සභාව, අබාධ සහිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය හා සමාජ සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ පනතේ සංශෝදන සිදු කිරීමේ ප්‍රගතිය පිළිබඳව සභාපතිවරයා නිලධාරීන්ගෙන් විමසීමක් කළේය. ඒ අනුව එම පනත සංශෝදනයට අදාළ වූ ක්‍රියාවලිය අවසන් අදියරේ පවතින බව නිලධාරීහු පැවසූහ. එම පනතට අදාළ සංශෝදන කටයුතු හැකි ඉකමනින් අවසන් කිරීම සඳහා සංසදය විසින් අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ,අධ්‍යාපන, සෞඛ්‍ය හා ප්‍රවාහන යන අමාත්‍යාංශ වල අමාත්‍යවරුන් සමග විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු යොදන බව සභාපතිවරයා සඳහන් කළේය.

මෙරට සිටින අබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව, වර්ගීකරණය අනුව කොපමණද යන්න නිවැරදි දත්ත ලබාගැනීම සම්බන්ධයෙන්ද සංසදය තුල සාකච්ජා විය. 2012 වසරේ සංඝනනයෙන් පසුව කිසිදු නිශ්චිත තොරතුරු හෝ දත්තයන් නොමැති බැවින් අබාධ සහිත ප්‍රජාව සම්බන්ධයෙන් සියලු තොරතුරු එක් තැනකින් ලබාගත හැකි මධ්‍යම දත්ත පද්ධතියක අවශ්‍යතාවයද මෙහිදී සභාපතිවරයා විසින් අවධාරණය කළේය. එහිදී ජන සංඝනනය සිදුකරන අවස්ථාවේදීම වෙනම දත්ත පත්‍රිකාවන් සකසා අබාධ සහිත පුද්ගලයින් සංඛ්‍යාව මෙන්ම එම පුද්ගලයින්ගේ අබාධ වල වර්ග හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස සංසදය විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ප්‍රයෝගික ගැටලු වන ප්‍රවාහනයේදී මුහුණදෙන ගැටලු මෙන්ම අධ්‍යාපනය ලැබීමේදී මතුවන ගැටලු පිළිබඳවද සංසදය තුල දීර්ඝව කරුණු සාකච්ජා විය.

අබාධ සහිත පිරිස් බහුතරය විධිමත් අධ්‍යාපනයක් ලබා ගැනීමට පවතින අවස්ථා ඉතාමත් අල්ප වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් ඉවත්වන බව සභාපතිවරයා පෙන්වා දුන්නේය. මෙහිදී නිලධරීහු විසින් අබාධිත පුද්ගලයින් සඳහා අවශ්‍ය උපකරණවල මිල ගණන් ඉහළ යාම ඔස්සේ එම ප්‍රජාව මුහුණ දෙන අපහසුතා පිළිබඳවද සංසදයේ අවධානය යොමු කලහ.

මේ අවස්ථව සඳහා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්, සංසදයේ සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ( නීතිඥ) මධුර විතානගේ, රෝහිණි කුමාරි විජේරත්න, (මහාචාර්ය) චරිත හේරත් උදයන කිරිඳිගොඩ, යදාමිණී ගුණවර්ධන, කේ. පී. එස්. කුමාරසිරි යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT