Home » ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය ශක්තිමත් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්

by chanaka
November 10, 2023 4:47 pm 0 comment

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 150ක මූල්‍යකරණයක් අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ විධායක මණ්ඩලය එම අනුමැතිය ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්‍ෂණ ජාලයක් අවශ්‍ය බව ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් පැවසීය.

ඒ සදහා ආර්ථික,ව්‍යාපාර සහ පුද්ගල, කුඩා ව්‍යාපාර හා දිළිදු පවුල් සදහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බව ඔහු සදහන් කරයි.

ඒ අනුව ශක්තිමත් තැන්පතු රක්‍ෂණ යෝජනා ජාලයක් ඔස්සේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන කාන්තාවන් සහ ජනතාව ඇතුළු කුඩා තැන්පත්කරුවන්ගේ ඉතුරුම් ආරක්‍ෂා කිරීමට උපකාරීවන බවත් එය ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය පවත්වා ගෙන යනු ඇති බවත් අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්-සර්වෝස් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ තැන්පතු රක්‍ෂණය සඳහා වන නීතිමය රාමුව මෙම වසර මුලදී බැංකු විශේෂ විධිවිධාන පනතේ පාර්ලිමේන්තුවේ අනුමැතිය හරහා වැඩිදියුණු කරන ලදී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT