694
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (10) රැස් වී තීරණය කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට්, ICCහි සාමාජිකයකු ලෙස එහි වගකීම් බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිටින බවය.
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට අදාළ වන කොන්දේසි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඉදිරියේදී දැනුම්දෙනු ඇතැයි වාර්තාවේ.
විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීන ව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට බාහිර බලපෑම් නොමැති බවට සහතික වීම ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ තීරණය වෙනස් වීමට බලපානු ඇති බව ද වාර්තා වේ.