Home » සෝනි චිත්‍රපට සමාගමේ ප්‍රධානියා ලිංගික හිරිහැර කළ බවට හොලිවුඩ් නිළි ෂැරොන් ස්ටෝන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සෝනි චිත්‍රපට සමාගමේ ප්‍රධානියා ලිංගික හිරිහැර කළ බවට හොලිවුඩ් නිළි ෂැරොන් ස්ටෝන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

by mahesh
November 10, 2023 1:00 am 0 comment

සෝනි චිත්‍රපට සමාගමේ හිටපු ප්‍රධානියා තමාට ලිංගික හිරිහැර කළ බව හොලිවුඩ් නිලි ෂැරොන් ස්ටෝන් ප්‍රකාශ කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

‘බේසික් ඉන්ස්ටින්ක්ට්‘ චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ෂැරොන් ස්ටෝන් සඳහන් කර ඇත්තේ අසූව දශකයේදී සෝනි චිත්‍රපට සමාගමේ හිටපු ප්‍රධානියා එවකට තමා මුණගැසුණු අවස්ථාවක එය සිදු වූ බවයි. එම සිදුවීම සිය ජීවිතයට දැඩි මානසික බලපෑමක් එල්ල කළ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත. එහෙත් ලිංගික හිරිහැරය කළ පුද්ගලයාගේ නම ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඇය තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

65 හැවිරිදි ඔස්කාර් නිර්දේශිත මේ විශිෂ්ට නිළිය මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගියදා අමෙරිකානු රූපවාහිනි නාළිකාවක සාකච්ඡාවකට එක් වෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT