Tuesday, May 13, 2025
Home » ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර මැදපෙරදිග භයානක යුද්ධයකට අතවැනීමක්

ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර මැදපෙරදිග භයානක යුද්ධයකට අතවැනීමක්

හෙස්බුල්ලා නියෝජ්‍ය නායකයා අනතුරු අඟවයි

by mahesh
November 10, 2023 1:00 am 0 comment

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ බෝම්බ හෙළීම මැදපෙරදිග විශාල යුද්ධයක් ඇති විමේ අවදානමක් මතු කර ඇතැයි හෙස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ශේක් නයිම් කාසිම් අනතුරු අඟවා ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ඉරානයේ ආධාර ලබන බව කියන ලෙබනනයේ බලවත් මිලිටරි සංවිධානයක් වන හෙස්බුල්ලා සංවිධානය ද මේ වන විට ඊශ්‍රායල හමුදාවට ප්‍රහාර එල්ල කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

ගාසා තීරයේ පවතින තත්ත්වය නිසා අරාබි කලාපයේ ඉතා බරපතළ සහ භයානක යුද වාතාවරණයක් වර්ධනයක වනු ඇතැයි ද, එහි ප්‍රතිවිපාක නතර කිරීමට කිසිවකුට නොහැකි වනු ඇතැයි ද හෙස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා සඳහන් කර ඇතැයි වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT